මහර ගැටුමින් මිය ගිය 09කට කොරෝනා! ඉතිරි දෙන්නාගේ PCR පරීක්ෂණ අද!

December 2, 2020 at 1:56 pm | by emanisa.lk

මහර බන්ධනාගාරය තුළ ඇති වූ කැරැල්ලේ දී මියගිය රැඳවියන් 11 දෙනා අතුරින් 9 දෙනෙකුට ම කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි.

මරුමුවට පත් තවත් රැදවියන් දෙදෙනකුගේ පී සී ආර් පරීක්ෂණ අද (02) දින සිදු සිදුකිරීමට නියමිතව ඇතැයි අධ්‍යක්ෂවරයා කීය.

මේ වනවිට රාගම රෝහලේ මළ සිරුරු තැන්පත් කර ඇති අතර ඔවුන්ගේ හඳුනාගැනීමේ ලේඛන ද පිලිස්සීමෙන් විනාශ වීම හේතුවෙන් ඔවුන් කවුදැයි නිශ්චිතව හඳුනා ගැනීම අපහසු වී ඇතැයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස