විපක්ෂයේ කෙරුමා ජනපතිට එරෙහිව දැවැන්ත මඩ මෙහෙයුමක!

November 2, 2020 at 9:05 pm | by emanisa.lk

විපක්ෂයේ සිටින ප්‍රබල දේශපාලනඥයකු විසින් සිය කළු සල්ලි මිලියන ගණනින් විසි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර දැවැන්ත මඩ මෙහෙයුමක් දියත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

මහරගම නගර සභාවේ සභිකයෙකු වන ඔහුගේ පූර්ණ කාලීන මාධ්‍ය සහචරයකුගේ නායකත්වයෙන් මේ සඳහා කණ්ඩායමක් යොදා ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම කණ්ඩායම ජනාධිපතිවරයා ඉලක්ක කර මඩ වීඩියෝ නිර්මාණ කර වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම මේ දිනවල වේගවත් කර ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙම ප්‍රහාරයේ ඉලක්කයක් බවට පත්ව වීම එම පක්ෂයේ ඇතැමුන්ගේ විමතියට හේතු වී තිබේ.

කෙසේ වුවද පසුගිය සමයේ විපක්ෂයේ ඉහළ තනතුරක් ලබා ගැනීමට මොහු දැඩි සටනක් කළ ද සජිත් ප්‍රේමදාස ඊට එරෙහි වීම මොහුගේ දැඩි වෛරය විපක්ෂ නායකවරයා වෙත එල්ල වීමට හේතු වී ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආන්දෝලනාත්මක රිය අනතුරක් සම්බන්ධයෙන් නුදුරේ දී ම බන්ධනාගාරගත වීමේ ඉරණම හමුවේ සිය ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම උදෙසා මෙම මඩ මෙහෙයුම දියත් කර ඇති බව මොහුගේ පැටිකිරිය දන්නා පක්ෂ විපක්ෂ තරුණ දේශපාලකයන් පිරිසක් පසුගියදා සාකච්ඡා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *