මහර බන්ධනාගාරයේ වුණේ පාතාළ කල්ලි අතර ගැටුමක්!

December 4, 2020 at 8:46 pm | by emanisa.lk

මහර බන්ධනාගාරයේ නො සන්සුන්තාව ඇති වීමට හේතුව පාතාළ කල්ලි අතර ගැටුමක් බව බන්ධනාගාර කොමසාරිස් තුසිත උඩුවර පවසයි.

ඒ අතර ගොනාකෝවිලේ රොහාගේ, මාලිගාවත්ත සුරේෂ්ගේ, ගණේමුල්ල සංජීවගේ හා රන්කැටියා නම් පාතාළ සාමාජිකයන්ගේ ගෝලයන් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම ගැටුම අතතුරදී මත්බවින් සිටි තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ බෙර ගසමින් ගීත ගායනා කළ අයුරු මාධ්‍යට නිකුත් කළ දර්ශනවල දැක්වේ.

මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල පාලනයට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 150ක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති වරණ ජයසුන්දර ද සිටින බවය.

මොවුන් පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර ඇත්තේ එම ගැටුමෙන් මියගිය හා තුවාල ලැබූ රැඳවියන්ගෙන් වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් වීම හේතුවෙනි.

මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නීතීඥවරුන් විසින් මෙම සිද්ධියේදී මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී ගොනු කළ නඩුව අද කැඳවීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස