මහර PCR කිරීමේ වරදට දඬුවම් ලැබෙන තුරු ඉන්නවා! – වෛද්‍ය ඉන්ද්‍රජිත් පනවැන්න

December 3, 2020 at 5:47 pm | by emanisa.lk

මහර බන්ධනාගාරයේ PCR කිරීමේ රාජ්‍ය විරෝධී ක්‍රියාවට දඬුවම ලැබෙන තුරු බලා සිටින බව මහර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය ඉන්ද්‍රජිත් පනවැන්න පවසයි. ඔහු සිය ෆේස්බුක් පිටුවේ මේ බව සඳහන් කර තිබේ.

“මහර බන්ධනාගාරයේ PCR කිරීමේ රාජ්‍ය විරෝධී ක්‍රියාවට දඬුවම ලැබෙන තුරු සිටිමි,”

රැඳවියන් 3000ක් සිටින මහර බන්ධනාගාරයේ මානසික රෝහීන් සඳහා ලබා දෙන ඖෂධ පෙති 21 000ක් ගබඩා කර තබා ගැනීම ගැන ද විමර්ශන ඇරඹී තිබේ.

මේ වන විට කොරෝනා භීතිකාවක් මවමින් රැඳවියන් අතර නොසන්සූවතාව ඇති කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී ඇති අතර මොහු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරිකයකු බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *