මව්බිම වෙනුවෙන් පොහොට්ටුව 2/3කින් දිනවන්න! ඔබේ මනාපයත් මව්බිම වෙනුවෙන් සලකුණු කරන්න! – ගෙවිඳු

July 14, 2020 at 9:49 am | by emanisa.lk

රට වෙනුවෙන් ඡන්දය ලබා දිය හැකි එකම විදිහ පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය ලබා දීම බවත් පොදුජන පෙරමුණට ගසන සෑම කතිරයක් රට වෙනුවෙන් ඡන්දය ලබා දීමක් බවත් යුතුකම ජාතික සංවිධානයේ සභාපති පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු අපේක්ෂක ගෙවිඳු කුමාරතුංග පවසයි.

එහෙයින් මව්බිම වෙනුවෙන් ඡන්දය ලබා දී පොදුජන පෙරමුණ 2/3කින් දිනවීමට ජනතාවට පෙරමුණ ගන්නා ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එසේම ඔබේ ඥාතියා, කුලයේ කෙනා, හිත මිතුරා වෙනුවෙන් නොව රට වෙනුවෙන් සුදුසු පුද්ගලයාට මනාපය සලකුණු කරන ලෙස ද ගෙවිඳු කුමාරතුංග ඉල්ලා සිටියේය.

පසුගියදා යුතුකම සංවිධානයේ කළුතර දිසාව මගින් කළුතර සංවිධානය කළ අලුත් දේශපාලනයට ඔබ සූදානම් ද සංවාදයට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

කීර්තිමත් ඉංජිනේරුවරයෙක් වූ ඉන්ජිනේරු සංගමයේ හිටපු සභාපති නීතිඥ බ්‍රිගේඩියර් ආනන්ද රණසිංහ මුලසුන හොබවන ලද සංවාදයට යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක අනුප පස්කුවල් ද එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස