සුමන්දිරන්ලගේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණය පරාජය කළාට ස්තුතියි! – ගෙවිඳු කුමාරතුංග අගමැති මහින්දට ලියයි…

May 4, 2020 at 10:37 am | by emanisa.lk

යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග අගමැති මහින්ද රාජපක්ෂ වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමෙනි,

ඔබතුමා විසින් මේ තාක් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මහජන නියෝජිතයන් හා අදාල පක්ෂ නායකයන් අරලියගහ මැදුරට කැඳවා දැනුම්වත් කිරීමට ගත් ඥානාන්විත පියවර නිසා පසුගිය පාර්ලිමේන්තුව යළි කැඳවා ගැනීමේ බෙදුම්වාදී, අන්තවාදී, අවස්ථාවාදී කුමන්ත්රණකරුවන්ගේ සිහිනය බොඳ වී ඇත.

මේ බව අද දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී වීම ප්රතික්ෂේප කරමින් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයෙන් ද, ජාතික හෙළ උරුමයේ නායක ප.ච. රණවක හිටපු මන්ත්රීතුමා දැක්වූ අදහස්වලින් ද මොනවට පැහැදිලි වේ.

ඔබතුමා ගත් ඥානාන්විත පියවර නිසා විපක්ෂය විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කරන ඉල්ලීම කුමන්ත්රණකාරී අරමුණකින් ම කරන්නක් බව ද පැහැදිලි විය.

නො එසේ නම් රට වෙනුවෙන් වන තමන් ගේ යෝජනා අද දින සාකච්ඡාවට ඉදිරිපත් කළ යුතුව තිබිණි. කුමන්ත්රණකරුවන් ගේ අභිලාශයන් රට හමුවේ හෙළිදරවු කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට කෘතඥ වෙමු!

ගෙවිඳු කුමාරතුංග
සභාපති – යුතුකම ජාතික සංවිධානය
2020.05.04

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස