30 වසරක් ඇදුණු පානිය ජල ගැටළුවට විසඳුම් රැගෙන යුතුකමේ පැස්කුවෙල් කළුතර ජනතාව හමුවට! (video)

June 29, 2020 at 9:13 am | by emanisa.lk

කළු ගඟට ලවණ මිශ්‍ර වීම නිසා තිස් වසරක් තිස්සේ කළුතර ජනතාව මුහුණ දෙන පානිය ජල ගැටළුවට විසඳුම් ලබා දීමට සූදානම් බව යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනූප පැස්කුවෙල් පවසයි.

ඒ සඳහා කළු ගඟේ පහළ කොටසේ ලවණ බාධකයක් ද ඊට ඉහළ ප්‍රදේශවල කළු ගඟ යෝජනා ක්‍රමය යටතේ කුඩා කුඩා වැව් පද්ධතියක් ද ඉදි කළ යුතු බව ඔහු යෝජනා කරයි.

මෙමගින් කළු ගඟේ ජලයට ලවණ මිශ්‍ර වීම ද ගං වතුර ඇති වීම ද පාලනය කළ හැකි බවත් අලුතින් ඉදිවන වැව් පද්ධතිය මගින් කෘෂි කාර්මික කටයුතු සඳහා ජලය ලබා ගත හැකි බවත් එමගින් භූගත ජලය පෝෂණය කළ හැකි බවත් ප්‍රකට පරිසරවේදියකු වන අනූප පැස්කුවෙල් පෙන්වා දෙයි.

කළුතර පානිය ජලයට ලවණ මිශ්‍ර වීමට විද්‍යානුකූල විසඳුමක් යන මැයෙන් වාද්දුවේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඊයේ (28) ඔහු මේ බව සඳහන් කළේය. මේ අවස්ථාවට යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස