මම කුකුල් කොටු දැම්මා! මිරිස් වැව්වා! අත්වල දියපට්ට එනකල් වැඩ කළා! – ජනපති

August 4, 2019 at 8:19 am | by emanisa.lk

තරුණ වියේ තමා බොහෝ ස්වයං රැකියා කළ බවත් කුකුල් පාලනය, මිරිස් වගාව ආදිය ද ඒ අතර වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මින්නේරිය හෙළ බොජුන්හල සහ හරිත ප්‍රජා අලෙවි සංකීර්ණය ඊයේ (03) විවෘත කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.‍ෙ

“රස්සාවක් නැති කාලේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිතුමා රත්න දේශප්ප්‍රිය සෙනානායක මහත්තයා ගාවට මම කිහිප ගමනක් ගිහින් තියනවා. මගේ අධ්‍යාපන සුදුසුකම් ලියා ගෙන රැකියා ඉල්ලුම් පත්‍ර දෙන්න.

මම ඉතින් ගිහින් ඇප්ලිකේෂන් එකක් එක ගමනක් දුන්නා. ඊට පස්සේ ආය ගමනක් ගිහින්දුන්නා.මට රස්තාවක් හම්බුනේ නෑ. මම කොච්චර ස්වයං රැකියා කළාද. කුකුල් කොටු දැම්මා මිරිස් වැව්වා. මේ අත්වල දියපට්ටා එනකන් මමත් වැඩ කරා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස