මන්නාර සමූහ මිනිවල අවුරුදු 500ක් පරණයි! හමුදාවට නැගූ යුද අපරාධ චෝදනා පුස්සක් වෙයි!!!

March 7, 2019 at 3:48 pm | by admin

මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගෙන ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලදැයි කියන අස්ථි සාම්පල හය 1499-1719  කාලයට අයත් බවට  අද (7) ප්‍රසිද්ධ කළ කාබන් කාල නිර්ණය වාර්තා පිරික්සද්දී පෙනී යයි.

බීටා ඇනලටික් ආයතනයෙන් එවා තිබූ කාබන් කාල නිර්ණය වාර්තා මුදා හරින ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා  මහතා අද (7) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා ඒ බව දැනුම් දුන්නේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මන්නාරම සමූහ මිනීවලේ නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදීය.

අස්ථි සාම්පල හයක් ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලද්දේ පසුගිය ජනවාරි මස 26 වැනි දා ය.

මේ අනුව එය පැරණි සුසාන භූමියක් හෝ යටත්විජිතවාදීන් විසින් සිදු කළ සංහාරයක ප්‍රතිඵලයක් විය හැකිය.

මෙම අස්ථි කොටස් පසුගිය ත්‍රස්ත ගැටුම් සමයේ හමුදාව මරා දැමූ දෙමළ සිවිල් ජනතාවගේ බවට ප්‍රවෘත්ති නිර්මාණය කරමින් හමුදාවට යුද අපරාධ චෝදනා නැගීමට බෙදුම්වාදීහු කටයුතු කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස