මන්නාරම් මිනී වළේ කාල නිර්ණ වාර්තාව සති දෙකකින් ලංකාවට!

January 30, 2019 at 12:03 pm | by admin

මන්නාරම සමූහ මිනී වළේ කැනීම් අද (30) යළි ආරම්භ කළ බව කැනීම් භාර මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

මිනී වළෙන් ලබා ගත් සාම්පල කාල නිර්ණය සඳහා අමෙරිකාවට යැවීමේ කටයුතු හේතුවෙන් එහි කැනීම් පසුගිය 21 වැනිදා සිට තාවකාලිකව නතර කර තිබූ බවත් මේ වනවිට සමූහ මිනී වළෙන් මිනිස් ඇට සැකිලි 300ක් සොයා ගෙන ඇති අතර ඉන් 27 ක් ළමයින්ගේ ඇට සැකිලි බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ අතර මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් සාම්පලවල කාල නිර්ණ වාර්තාව අමෙරිකාවේ බීටා ඇනලයිසිස් ආයතනය ඉදිරි දෙසතිය ඇතුළත තමන් වෙත ලැබෙන බව වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස