ජනපති කී කොකේන් ටොන් එකෙන් කිලෝ 769ක් වාෂ්ප කරන්න සූදානම්! කිලෝ 231ක් අඩුයි! (video)

April 1, 2019 at 11:45 am | by admin

මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද(01) සිදුකිරිමට නියමිතයි.

අද පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි ගබඩා සංකීර්ණයකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක් මෙලෙස විනාශ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇති අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා අද දිනයේ දී ජනාධිපතිවරයා ද එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මුලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදුකෙරෙනු ඇත.

ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මස 15 වැනිදා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 926ක් ප්‍රසිද්ධියේ විනාශ කර තිබේ.

මේ වන විට කොකේන් කිලෝ 769ක් වාෂ්ප කර විනාශ කිරීමට සූදානම් වෙයි. එහෙත් ඊයේ (31) දින ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කොකේන් ටොන් එකක් විනාශ කරන බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස