මට කොරෝනා තියා උණවත් නෑ! මං නිරෝධායනයට යවන්න කාටවත් බෑ! මම මානව අයිතිවාසිකම් නඩු යනවා! – මයියංගණේ මෝඩයෙක් බුකිය කළඹයි… (video)

March 23, 2020 at 8:44 am | by emanisa.lk

කොළඹ සිට මයියංගණයට පැමිණි පුද්ගලයකුට ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ පොලිසිය කරන ලද දැනුම් දීමකට එරෙහිව කටයුතු කරන පුද්ගලයකු මානව අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව පවසයි.

තමන්ට කොරෝනා නොමැති බවත් තමන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කිසිවකුට අයිතියක් නැති බවත් පවසන මේ පුද්ගලයා තමන්ට සිදුකළ ලැජ්ජාවට එරෙහිව මානව හිමිකම් නඩුවක් ගොනු කරන බව ද පවසයි.

රටම දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින අවස්ථාවක රටේ නීතියට අනුගත නොවී කටයුතු කරන මෙම පුද්ගලයා සමාජමාධ්‍යයවල දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්වන අතර ඔහුට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස