මගේ කකුල් පණ නෑ, මම ලෙඩෙක්, මට කිසිම දෙයක් එපා යැයි සජිත් කිව්වා! – එක්සත් ජාතික භික්ෂු පෙරමුණ

December 16, 2019 at 10:55 pm | by emanisa.lk

මගේ කකුල් පණ නෑ, මම ලෙඩෙක්, මට කිසිම දෙයක් එපා යැයි සජිත් කිව්වා! – එක්සත් ජාතික භික්ෂු පෙරමුණ

පසුගිය ජනාධිපතිවරණයේ දී එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මර්වින් සිල්වා පවා ජයග්‍රහණය කළ හම්බන්තොට ආසනය ඡන්ද 48 000කින් සජිත් ප්‍රේමදාස පරාජයට පත්වූ බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමි පවසයි.

තම ආසනය දිනාගත නොහැකි පුද්ගලයකු මහා මැතිවරණයක දී රටක් දිනාගන්නේ කෙසේ දැයි එම පෙරමුණේ ලේකම් තීනීයාවල පාලිත හිමි විමසා සිටියේය.

තමන්ගේ දණහිස් පණ නැතිව රෝගාතුරු වී සිටින බවත් ණය ගෙවාගත නොහැකිව දුරකතනය ද විසන්ධි කරගෙන සිටින බවත් සජිත් ප්‍රේමදාස පැවසූ බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ වැඩි දුරටත් සඳහන් කළේය.

පක්ෂ නායකත්වය භාරගන්නා ලෙස එජාප මන්ත්‍රී පිරිසක් තමන්ට බල කරන්නේ යැයි සජිත් ප්‍රේමදාස සඳහන් කළ බව ද අද (16) පැවති මාධ්‍ය හමුවේදී එම පෙරමුණ අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස