නොදන්න දෙවියන්ට වඩා දන්න මහසෝනා හොඳ නිසා මං අගමැතිතුමාට ජනපති වෙන්න නියත විවරණ දෙනවා! – තිනියාවල පාලිත හිමි

May 20, 2019 at 10:51 pm | by admin

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ සිටින අතිදක්ෂ පාලකයෙක් බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමි පවසයි.

ලංකාවේ වැඩියෙන්ම අපහාස නින්දා ලැබූ අගමැතිවරයකු වන එතුමාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රට එක්සේසත් කිරීමට නියත විවරණ ලබා දෙන බව ද එහිමියන් සඳහන් කළේය.

අගමැතිතුමාගේ අඩුපාඩුකම් රාශියක් තිබුණ ද නොදන්නා දෙවියන්ට වඩා දන්නා මහසෝනා හොඳ නිසා අනෙක් සියලු මහා සංඝ රත්නය කුමන මතය දැරුවත් තමන් එතුමාට නියත විවරණය දෙන බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස