ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගින්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන ඇත.
ඇතැම් පුද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය වීම නිසා මගීන්ට සිදුවන හිරිහැර මෙන්ම අධික වේගයෙන් ධාවනය වීම නිසා ද සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහාත් මගී ජනතාවගේ කාලය කළමනාකරණය සඳහාත් ජංගම දුරකථන සඳහා සුදුසු යෙදවුමක් හඳුන්වා දෙන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබිණි.
ඒ අනුව ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් පියවර ගත්තේය.
මගී ප්‍රවාහන සේවා කඩිනම් කිරීම හා විධිමත් කිරීම සඳහාත් මගීන්ට බස් රථ පැමිණෙන තෙක් බලා නොසිට බස් රථය පැමිණෙන්නේද? නැද්ද යන්නත්, තමන් ගමන් කිරීමට අපේක්ෂිත වේලාවට පැමිණෙන බස් රථය ඒ වන විටත් පවතින ස්ථානය (Location) හඳුනාගැනීම සඳහාත් මෙම යෙදවුම මගින් පහසුකම් සැලසීම තම අරමුණ බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
ඒ අනුව මෙම ජංගම දුරකථන යෙදවුම සකස් කිරීම මේ වනවිට අවසන් කර තිබෙන අතර එම යෙදවුම මගී ජනතාවට හඳුන්වා දීම ලබන සතියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත.