මං රටේ ජනාධිපති වෙලා හිටි කෙනෙක්! දරුවෝ දේශපාලනේට එන එකේ වරදක් නෑ! – මෛත්‍රී

February 16, 2020 at 8:41 am | by emanisa.lk

මනුස්ස වේශයෙන් සිටින තිරිසනුන් හඳුනා ගත්තේ ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“ජනාධිපති ධුරයෙන් සමුගත්තට පස්සේ තමා මනුස්සයෝ හා අමනුස්සයෝ හොඳට තේරුම් ගත්තේ. මනුස්ස වේශයෙන් ඉන්න තිරිසන්නු තේරුම් ගත්තේ විශ්‍රාම ගත්තට පස්සෙ. ඒක පැහැදිලි වෙන්න ගත්තෙ අන්තිම මාසෙදී. ඒත් අපේ දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් නිසා ගාණක් නෑ. දිනලා තියෙනවා, පැරදිලා තියෙනවා. ඒවා හොඳට පුරුදුයිනේ. බැරිවෙලාවත් මම ඡන්දෙ ඉල්ලල පැරදුණා නං තත්ත්වය තවත් නරක් වෙනවා. අනිත් එක මම විශ්‍රාම යනකොට පක්ෂයක් විදියට දිනපු අපේක්ෂකයට සහය දීලා තිබුණා. ඒකත් එක හේතුවක්, විශ්‍රාම ගියාට පස්සේ එන පීඩාව අඩුවෙන්න.”

ඔබෙන් පස්සෙවත් පවුලෙ කෙනෙක් දේශපාලනයට ඇතුළු වෙයිද?

තවම නෑ. 2025 න් පස්සේ තමා බලන්න වෙන්නේ. 2025 න් පස්සේ දේශපාලනය කරන්න මගේ අදහසක් නෑ. ඊට පස්සේ මගේ දරුවකුට වුවමනාවක් තිබුණොත් එයි. මම රටේ ජනාධිපති වෙලා හිටපු කෙනෙක්. ඉතිං මගෙන් පස්සේ මගේ දරුවෝ දේශපාලනයට එන එකේ වරදක් නෑනේ, නේද?

සතිඅග අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස