ලෝක මුස්ලිම් සම්මේලනයේ ලොක්කා මල්වතු නාහිමිට අතට අත දී නාහිමි අසුනේම වාඩිවීමට සැරසෙයි! පැමිණි හෙලිකොප්ටරයෙන් වහලවල් ගැලවෙයි! කටු ඉවත් කළ යුත්තේ කටුවකින්ම බව ලේකම් පෙන්වමින් නාහිමි පවසයි! (video)

July 30, 2019 at 11:33 pm | by emanisa.lk

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක්කේය. ඔහු මෙරටට පැමිණියේ සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවට සහභාගී වීමටය.

මල්වතු නාහිමි අබියසට ගිය මහ ලේකම්වරයා උන් වහන්සේට අතට අත දීමට ද අනතුරුව නාහිමිගේ අසුනේ ඉඳ ගැනීමට ද උත්සාහ කළේ කිසිදු ගරුසරුවක් ඇතිව නොවේ.

මෙහිදී කෙටි අනුශාසනාවක් කරමින් මල්වතු නාහිමි ප්‍රකාශ කළේ මේ රටේ බහුතරය සිංහල ජනතාව බව අවබෝධ කරගෙත කටයුතු කළ යුතු බවත් ඇතැම් මුස්ලිම් ජාතිකයන්ගේ අන්තවාදී ක්‍රියා නිසා ඇතැම් සිංහල කොටස් ප්‍රකෝප විය හැකි බවය.

මෙම පිරිසට අනුශාසනා කිරීම කළ යුත්තේ මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් වැනි අය බව සඳහන් මල්වතු නාහිමි කටුවක් එළියට ගත යුත්තේ කටුවකින් බව සඳහන් කළේ ලේකම්වරයා වෙත යොමුවෙමිණි.

මෙම පිරිස පැමිණි යුද හමුදා හෙලිකොප්ටර් යානය මැණික්හින්න ප්‍රදේශයට ගොඩබෑමේ දී ඒ අවට නිවාස කිහිපයක් සඳහා ද හානි සිදුව තිබේ.

සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අද පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසාගේ ප්‍රධානත්වයෙනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස