බෝම්බකරුගේ හිස හින්දු සුසානයක වැළලීමට එරෙහිව විරෝධතාවක්! පොලිසියෙන් විරෝධතාකරුවන්ට කඳුලු ගෑස් ප්‍රහාරයක්! (video)

August 28, 2019 at 7:53 am | by emanisa.lk

මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවක නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ඊයේ (27) රාත්‍රීයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස කොටස මඩකලපුව කල්වියන්කාඩු හින්දු සුසාන භූමියෙන් ඉවත්කර ගන්නැයි බලකරමින් මඩකලපුව කල්ලඩි පාලම අසල පිරිසක් විරෝධතාවක නිරතවූහ.

ත්‍රස්තවාදියෙකුගේ මළසිරුරක් හින්දු සුසාන භූමියක මිහිදන් කිරීමට ඉඩදිය නොහැකි බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයේ නිරත වී ඇතැයි පොලිසිය කියයි.

පිරිස විසිරුවා හැරීමට පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ත්‍රස්තවාදීන්ගේ මෘතදේහ ඉස්ලාම් සුසානභූමිවල තැන්පත් නොකරන ලෙස උලමා සභාව මෙයට පෙර දැනුම් දී තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස