මඩකලපු බෝම්බකරුගේ අවසන් හොරා කිහිපය ගෙවුණු හැටි මෙන්න! යාඥා කරමින් …. නොසන්සුන් වෙමින්… සිය ගොදුර වෙත ගිය හැටි… (video)

May 1, 2019 at 9:29 am | by admin

මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බයක් පුපුරුවා 28 දෙනෙකු ඝාතනය කර 70කට අධික ප්‍රමාණයකට තුවාල සිදු කළ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාර් (34) සිය අවසන් හෝරා කිහිපය නිකුත් කළ ආකාරය පිළිබඳ CCTV දර්ශන දෙස් විදෙස් මාධ්‍ය විසින් නිකුත් කර තිබේ.

උදෑසන 3ට පමණ මඩකලපුවේ ජමි උස් සලාම් මුස්ලිම් පල්ලිය වෙත පැමිණෙන ඔහු ඒ අසල පැය කිහිපයක් ගත කර උදෑසන පල්ලිය විවෘත කළ විට එහි පිවිස යාඥාවේ නිරත වෙයි. ඔහු පල්ලිය අසල රැඳෙන විට පොලිස් රථයක් පැමිණිය ද බෝම්බකරු ඔවුන්ගේ උකුසු ඇසට හසු වන්නේ නැත. යාඥා කරන ඝාතකයා වරෙක මහත් නොසන්සුන් ලෙස හැසිරෙන ආකාරය ද නිරීක්ෂණය කළ හැකිය.

අනතුරුව පැය කිහිපයක් මුස්ලිම් පල්ලියේ ගත කරන ඝාතකයා අනතුරුව සිය ගොදුර සොයා ගෙන මඩකලපුව සියෝන් දේවස්ථානය වෙත පැමිණිය ද එහි පිටත සිටි රමේෂ් බෑගය රැගෙන ඝාතකයාට පල්ලිය තුළට යාමට ඉඩ දෙන්නේ නැත. ඒ නිසා ඔහුට පල්ලියෙන් පිටත බෝම්බය පුපුරුවා ගැනීමට සිදුවෙයි.

ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ සහ කටාන පල්ලි දෙකට සාපේක්ෂව මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ සිදු වූ මරණ සහ තුවාලකරුවන් ප්‍රමාණය අඩු වීමට හේතුව ඔහුගේ බාධා කිරීම නිසා බෝම්බය පල්ලියෙන් පිටත පුපුරුවා ගැනීමට සිදුවීමය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස