ප්‍රීමා පාන් පිටි මිල අඩුකර දේශීය සමාගම් වනසන සැලසුමක්!

January 28, 2020 at 10:14 am | by emanisa.lk

මේ වන විට තිරිඟු පිටි කිලෝවක් රු. 87ට අලෙවි කරන ප්‍රීමා සමාගම එම මිල රු. 10ටත් වඩා අඩු කිරීම සඳහා සැලසුම් කර තිබෙි.වැ

බහුජාතික සමාගමක් වන ප්‍රීමා එම තීන්දුව ගන්නේ ලෝක වෙළඳපොළේ තිරිඟු ඇට මිල පහළ යාමක් සිදු නොවන පසුබිමකය.

මේ සඳහා හේතු වී ඇත්තේ නව ආණ්ඩුව තිරිඟු පිටි ආනයනය සඳහා එම සමාගම සතු වූ තනි ඒකාධිකාරය අහෝසි කර ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයන්ට බදු සහන ද ලබා දීමය.

මේ සමග දේශීය සමාගම් 25ක් තිරිඟු ඇට ආනයනය කර පිටි කිලෝව රු. 77 බැගින් වෙළඳපොළට නිකුත් කිරීමට තීන්දු කර තිබේ.

ප්‍රීමා සමාගම රු. 77ට අඩුවෙන් වෙනත් සමාගමක් හරහා සිය පිටි තොග වෙළඳපොළට නිකුත් කර අදාළ සමාගම්වල වෙළඳපොළ අවස්ථාව ඩැහැ ගැනීමට සැලසුමි කළේ ඒ නිසාය.

ප්‍රීමා සමාගමට රු. 10කටත් වඩා අඩුවෙන් සිය පිටි අලෙවිකළ හැකි බව මෙමගින් තහවුරු වන අතර තරඟකාරීත්වයක් නොමැති මෙරට ප්‍රීමා ඒකාධිකාරී තිරිඟු පිටි වෙළඳපොළ තුළ එම සමාගම අතිවිශාල ලාභයක් උපයා ඇති බව ඉන් තහවුරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *