පාන් පිටි රු. 8කින් ඉහළ යද්දී පාන් රු. 5කින් ඉහළ යයි! අනෙකුත් බේකරි නිෂ්පාදන මිලත් ඉහළට!

July 17, 2019 at 3:05 pm | by emanisa.lk

තිරිඟු පිටි බෙදාහරින ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 08න් ඉහළ දැමීම නිසා පාන් රාත්තලක මිල උපරිම වශයෙන් රුපියල් 5.00කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේය.

අදාළ සමාගම් තිරිඟු පිටි මිල ඉහළ දමා තිබුණද බේකරි හිමියන්ට නිල වශයෙන් දන්වා නැතැයිද ඔහු කීවේය. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 60 සිට 64 දක්වා ඉහළ යාමට සාපේක්ෂව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ යනු ඇතැයිද ජයවර්ධන පැවසීය.

මේ අනුව රු. 92ක් වූ පාන් පිටි කිලෝව රු. 100ක් වනු ඇති අතර දිනකට පාන් ගෙඩි ලක්ෂ දහයක් පමණ රට පුරා ඇති බේකරි 5000කින් නිෂ්පාදනය කර බෙදා හරියි.

කෙසේ වුවද 2016 ජුලි 14 නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අනුව පාන් පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු. 87කි. අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම්කර ඇති පාන් පිටි මිල රජයේ අණ නොතකා තමන්ට උවමනා ආකාරයට නීති විරෝධී ලෙස ඉහළ දමා ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස