පීමා සමාගම පාන් පිටි මිල රු. 5.50කින් ඉහළ දමයි! බේකරි හිමියෝ පාන් ගෙඩියක මිල රු. 2කින් ඉහළ දමති!

September 6, 2019 at 3:42 pm | by emanisa.lk

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක මිල අද (06) සිට රු 5.50 කින් ඉහළ දමන්නැයි එම සමාගමේ පාලන අධිකාරි මගින් දිවයිනේ සියලුම ප්‍රීමා පිටි ඒජන්තවරුන්ට දැනුම් දී ඇත. මේ අනුව අද සිට ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 92 කි.

පිටි මිල ඉහළ යාමට හේතුව සමාගම විසින් මෙතෙක් දැනුම් දී නොමැති අතර වෙළදපොළේ තිරිඟු පිටි කිලෝවක් සදහා පාලන මිලක් පාරිභෝගික සේවා අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසන්නේ මෙම ඉහළ නැංවීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ගෙන නොමැති බවය. ප්‍රීමා සමාගම විසින් ඉකුත් ජුලි මස 16 වැනි දින තිරිඟු පිටි කිලෝවක මිල රු 8 කින් ද ඉහළ දමා තිබුණි.

තිරිඟු පිටි වැඩිවීමට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යන බව බේකරි හිමියෝ පවසති. ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස