බස්නාහිර පළාතම මහ නගරයක් කරනවා! වසර පහකින් සිංගප්පූරුවට වඩා දියුණු කරනවා! – අගමැති

April 3, 2019 at 1:46 pm | by admin

සම්පූර්ණ බස්නාහිර පළාතම මහ නගරයක් බවට පත් කොට වසර පහක් ඇතුළත සමස්ත සිංගප්පූරුවට වඩා විශාල පිරිසක් සිටින තැනක් බවට පත් කරන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. සිංගප්පූරුව කොළඹ දෙස බලා ගාර්ඩ්න් සිටි එකක් නිර්මාණය කළ බවත් මේ වන විට සිංගප්පූරුව දෙස බලා ඒ සඳහා අඩිතාලම සැකසීම අද සිදුකරන බවත් හෙතෙම පවසයි.

මුළු බස්නාහිර පළාතම නගරයක් කරන අතර මහනුවර කුරුණෑගල හම්බන්තොට කොළඹ එකතු කරන මාර්ග පද්ධතිය මේ වන විට සකස් කරගෙන යන බව ද අගමැතිවරයා සඳහන් කරයි. නව තාක්ෂණික දැනුම සහිත ජනගහනය සමග ස්මාර්ට් යුගයක් කරා යාමට ඉදිරි වසර පහේ දී අවධානය යොමු කරන බව ද හෙතෙම අවධාරණය කරයි.

බස්නාහිර සහ මහ නගර අමාත්‍යංශයේ ඉදිරි වැඩපිළිවෙළ එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් දැක්වීය. ගොඩගම බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කිරීමට ජනාධිපතිවරයා පැමිණි අතර අගමැතිවරයා පැමිණියේ නැත. මෙම අවස්ථාවට අගමැතිවරයා සහභාගී වුවද ජනාධිපතිවරයා සහභාගී වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස