බන්ධනගාර ජාවාරම්වලට තිත! සියලු බන්ධනාගාරවලට CCTV! දුරකතන සන්නිවේදන බාධක ජැමර්!

June 16, 2020 at 8:16 pm | by emanisa.lk

රටේ සියලුම බන්ධනාගාර සඳහා CCTV කැමරා සවි කිරීමට පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පවසයි.

අද (16) බන්ධනගාර මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

එසේම අවශ්‍ය පරිදි බන්ධනාගාරවල දුරකතන යොදා ගෙන සිදු කරන ජාවාරම් වැළැක්වීම සඳහා දුරකතන සන්නිවේදන කටයුතුවලට බාධා කරන ජැමර් උපකරණ සවි කිරීමට ද කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.

මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන් කිහිප දෙනෙකුට ශීතකරණ විදුලි පංකා ඇතුළු සුඛෝපභෝගී උපකරණ ලැබී ඇත්තේ එම බන්ධනාගාර ප්‍රධානියාගේ අනුමැතිය යටතේ බවත් ඔහුට මේ වන විට ස්ථානමාරුවක් ලබා දී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස