රටට හිතැති ව්‍යාපාරිකයෝ සිය ජාතික යුතුකම අකුරටම ඉටුකරති! දිලිත් ජයවීර කාමර 150ක සුපිරි හෝටලය නිරෝධායනයට දෙයි!

March 21, 2020 at 5:42 pm | by emanisa.lk

සුප්‍රකට ව්‍යාපාරිකයකු ‌වන දිලිත් ජයවීර තමන්ට අයත් වස්කඩුව සිට්රස් තරු පහේ ‌හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ‌ලෙස පවත්වාඉගෙන යාමට බාරදීමට පියවර ‌ගෙන ඇත.

කොරෝනා වසංගත රෝග තත්ත්වය හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාමර 150 කින් යුතු සිය හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක කටයුතු සදහා ලබා ගන්නා ‌ලෙස එහි විධායක අධ්‍යක්ෂ දිලිත් ජයවීර දැනටමත් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කර ඇත.

දේශිය හා ගෝලීය වශයෙන් සිදුව ඇති හානිය පිළිබඳ සංවේදි වෙමින් කොරෝනා වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට මේ බව නිල වශයෙන් දැනුම් දීමටද පියවර ‌ගෙන ඇත.

සුප්‍රකට ට්‍රයඩ්, දෙරණ සහ ජෝර්ජ් ස්ටුවඩ් සමාගම් ද  හිමි දිලිත් ජයවීර කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටන වෙනුවෙන් ද අපි වෙනුවෙන් අපි අරමුදල ඇතුළු බොහෝ කටයුතු ආරම්භ කරමින් සිය වගකීම ඉටු කළ ව්‍යාපාරිකයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස