විපක්ෂය බොරු කියන්නේ! අපි සෝෆා අත්සන් කරන්නේ නෑ! – අකිල

July 8, 2019 at 10:29 pm | by emanisa.lk

ආණ්ඩුව සෝෆා (SOFA) ගිවිසුමක් නොමැති බවත් එවැනි ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් අත්සන් කිරීමට සූදානමක් ද නොමැති බවත් ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

ජනාධිපතිවරයා එවැනි ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වුවහොත් ඊට ඉඩ නොදෙන බවට අවධාරණය කර ඇති බව මාධ්‍ය විසින් පෙන්වා දුන් විට ආණ්ඩුව එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වන බවට විපක්ෂය බොරු ප්‍රචාර කරගෙන යන බවත් ඒ පිළිබඳ බිය විය යුතු නැති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුවේ දුෂණ වංචා පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පාසල් පෙළ පොත්වල සිය ඡායාරූපය යෙදීම සඳහා රජයේ මුදල් අවභාවිත කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක සාක්ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේ මෙම ප්‍රකාශය සිදු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස