විදෙස් බුද්ධි තොරතුරු අනුව කාදිනල්තුමා ඉරිදා දේව මෙහෙය සහ දිව්‍ය පූජා නවතා කතෝලික පාසල් නැවත දැනුම් දෙන තුරු වහාම වසා දමයි! වගකීම් විරහිත ආණ්ඩුව පරයා කාදිනල්තුමා ජනතාව රැක ගැනීමට පෙරට එයි!

May 2, 2019 at 6:29 pm | by admin

සියලුම කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා නැවත දැනුම්දෙන තුරු ආරම්භ නොකරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ ලබන ඉරිදා පවත්වන්නට සැලසුම් කළ දේව මෙහෙයන් සහ අනිකුත් දිව්‍ය පූජා යාගයන් නැවත දැනුම්දෙන තුරු නවත්වා දමන ලෙසය.

විශ්වසනීය විදෙස් ආරංචි මාර්ගයක් විසින් සුප්‍රසිද්ධ දෙව් මැදුරකට සහ ගිහි අපෝස්තිලක සේවා මධ්‍යස්ථානයක් සඳහා ප්‍රහාර එල්ල කිරීම සඳහා ත්‍රස්තවාදීන් මාන බලන බවට අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා වෙත අනතුරු ඇඟවීම ඊට හේතුවය.

පසුගිය වර අදාළ බුද්ධි අංශ ලබා දුන් අනතුරු ඇඟවීම අනුව ආණ්ඩුවේ බලධාරීන් කටයුතු නොකළ නිසා මෙවර කාදිනල්වරයා දැනුම්වත් කර ඇතැයි සිතිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස