පාස්කු ත්‍රස්තවාදීන් ක්ෂණිකව මට්ටු කළ ජනපතිට ඉන්ටර්පෝල් පදක්කමක්!

August 28, 2019 at 8:26 am | by emanisa.lk

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල්හි මහලේකම් ජර්ගන් ස්ටොක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ‍්‍රී ලංකා පොලිසිය වෙත සිය ප‍්‍රශංසාව පළ කර සිටී.

එම ප‍්‍රශංසාව පළ කරමින් මහලේකම්වරයා විසින් ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පදක්කමක් තිළිණ කරනු ලැබීය.

දිවයිනට පැමිණ සිටින මහලේකම්වරය ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමුවී සාකච්ජාවක නිරත විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස