පාස්කු ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දිය යුතුයි! – සජිත්

October 5, 2020 at 8:24 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මරණීය දණ්ඩනය නියම කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පෙරේදා (03) දංකොටුව කැරන්වත්ත ශ්‍රී අශෝකාරාම විහාරයට පැමිණ විහාරාධිපති පේරියවිලංකුලමේ ධම්මික හිමි බැහැදැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුවය.

සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමැතිවරයා ලෙස කටයුතු කරන වකවානුවේ ‘සිසු දහම් සෙවණ’ වැඩසටහන මගින් එම විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකළ අතර විපක්ෂ නායකවරයාගේ සහභාගීත්වයෙන් එය එදින විවෘත කෙරුණි.

ආණ්ඩුව පස්වෙනි මණ්ඩලයේ හයවැනි මණ්ඩලයේ සහ සුපිරි මණ්ඩලයේ චිත්‍රපට නිර්මාණය කරන බවත්, ඒ චිත්‍රපටවල රඟපාන්නේ ඔවුන්ම බවත් විපක්ෂ නායක පැවැසීය.

“මැතිවරණය දවස්වල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩියෙන්ම කතා කළේ ආණ්ඩුව. ඒ දිනවල තමන් ලියූ අපූරු ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ආණ්ඩුව විසින් නිර්මාණය කළා. වැරදිකරුවන් කවුද කියා කෙලින්ම චෝදනා කළා.

ඒ දිනවල පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියා රිෂාඩ් බද්දියුදීන්ගේ සහෝදරයා මාස පහක් හිරේ තියාගෙන සිටියා. දැන් ඔහු එම ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නෑ කියලා නිදහස් කර තිබෙනවා.

පසුගිය මැතිවරණය සමයේ ආණ්ඩුව මේ ආකාරයේ චිත්‍රපට නිර්මාණය කළා. දැන් ඒ සියල්ල හෙළිදරව් වෙනවා. රටේ ප්‍රමුඛ අවශ්‍යතා මොනවා දැයි කියා අමතක කොට ඇති ආණ්ඩුව විසි වන සංශෝධනයේ එල්ලී සිටිනවා. රටේ උත්තරීතර නීතිය හිතුමනාපෙට සංශෝධනය කරන්න බැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස