පාසලට බලෙන් ඇතුළුවන්න උත්සාහ කළ අයකු වෙඩි කා මියෙයි! පාසලේ ආරක්ෂාව භාර සෙබළා අත්අඩංගුවට ගනී!

July 4, 2019 at 4:14 pm | by emanisa.lk

අක්මීමන මානවිල් ප්‍රදේශයේ උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට වෙඩි වැදීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අක්මීමන පොලීසිය පැවසුවේ අද දහවල් 12ට පමණ අදාළ විද්‍යාලයට පුද්ගලයෙකු බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය පුද්ගලයෙකු රාජකාරියේ නිරතව සිටි හමුදා නිලධාරියෙකු විසින් වැළැක්වීමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා සහ නිලධාරියා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

එම අවස්ථාවේදී යුද හමුදා නිලධාරියාට බාධා කරමින් ඔහුගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ දරා ඇත. එය මැඩපැවැත්වීමට යැමේදී මෙම පුද්ගලයාට වෙඩි වැදී තිබේ. අක්මීමන පොලීසිය සිදුවීම සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නිමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස