දෙවන පාසල් වාරය අරඹා අදට දින තුනයි! කොළඹ පාසල්වල සිසු සිසුවියන් බහුතරය අදත් නෑ! (video)

May 8, 2019 at 10:22 pm | by admin

දෙවන පාසල් වාරය ආරම්භ කර මේ වන විට දින තුනක් ගත වුවද අද වන විටත් කොළඹ සහ නාගරික පාසල්වල සිසුන්ගේ පැමිණීම සතුටුදායක නැත. කෙසේ වුවද ගම්බද පාසල්වල සිසුන්ගේ පැමිණීම යහපත් ලෙස වර්ධනය වෙමින් වී ඇතැයි වාර්තා වෙයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 500ක් ද ආනන්ද විද්‍යාලයේ සිසුන් 68ක් ද නාලන්දා විද්‍යාලයේ සිසුන් 47ක් ද මහානාම විද්‍යාලයේ සිසුන් 137ක් ද ඩී. එස්. සේනානායක විද්‍යාලයේ සිසුන් 183ක් ද තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 36ක් ද ආරක්ෂක සේවා විද්‍යාලයේ සිසුන් 67ක් ද පැමිණ තිබිණි.

විශාඛා විද්‍යාලයේ සිසුවියන් 47ක් ද ආනන්ද බාලිකාවේ සිසුවියන් 19ක් ද ශාන්ත පාවුළුවේ සිසුවියන් 100ක් ද ගෝතමි බාලිකාවේ සිසුවියන් 65ක් ද නුගේගොඩ අනුලාවේ සිසුවියන් 120ක් ද සිරිමාවෝ බාලිකාවේ සිසවියන් 102ක් ද පැමිණ තිබිණි.

සිසු සිසුවියන් දහස් ගණනක් සිටින නාගරික පාසල්වල සිසු පැමිණීම තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බවත් පාසල්වලට සපයා ඇති ආරක්ෂාව පිළිබඳ ජනතාව තුළ එතරම් විශ්වාසයක් නොමැති බවත් මෙයින් තහවුරු වෙයි. මේ අතර අධ්‍යාපන ඇමතිවරයා පවසා තිබුණේ දරුවන් පාසල් පැමිණීම අධෛර්යමත් කරන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස