කොරෝනා ව්‍යවසනය හමුවේ ආණ්ඩුවට එරෙහිව දෝාෂාභියෝග හෝ විශ්වාසභංග ගෙන ඒමට වගකිව යුතු විපක්ෂයක් ලෙස තමන් කටයුතු නොකරන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
තමන්ගේ අරමුණ වගකිව යුතු විපක්ෂයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද පාර්ලිමේන්තු සම්ප්‍රදාය ද රැකගනිමින් මේ රටේ ජනතාවට වැඩිපුර සහන ලබා දීමට මුදල් අනුමත කිරීම බව ද මෙතෙම අවධාරණය කරයි.
පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස තමන් ඉල්ලා සිටින්නේ එම පවිත්‍ර සහ එකම චේතනාවෙන් බව හිටපු විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.