ප්‍රේමදාස මළාම පවුල බලාගත්තෙත් රනිල්! කළගුණ නොදත් සජිත් කක්කි දාගෙන පරාදයි! – මර්වින්

March 18, 2020 at 11:37 pm | by emanisa.lk

ආර්. ප්‍රේමදාස මියගිය පසු පවුල බලා ගත්තේ රනිල් වික්‍රමසිංහ බවත් එය සජිත්ලාට අමතක වී ඇති බවත් ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

එජාපයේ තමා ජයගත් තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශයේ ද සජිත් ප්‍රේමදාස පරාජයට පත් වූ බවත් තුන් මාසයකින් ඔහු තිස්සමහාරාමයට ගොස් නොමැති බවත් මර්වින් සිල්වා සඳහන් කළේය.

ජනාධිපතිවරණය පරාජයට පත්ව මාසයක් සැඟව සිටි යුතුකම් නොදන්න කෘතගුණ නොදන්න සජිත් ප්‍රේමදාස පිටුපස එජාපයේ පිරිසක් යාම පිළිබඳ තමන් කනගාටු වන බවත් හෙතෙම අවධාරණය කළේය.

එජාප සජිත් ප්‍රේමදාසට දරුවන් පමණක් නොව බිරිඳ ද දන් දුන් බවත් දැන් පක්ෂයේ තවත් අයකුගේ බිරිඳක් ඉල්ලා සිටින්නේ දැයි තමන් ප්‍රශ්න කරන බව ද හෙතෙම පැවසීය.

මෙවැනි පුද්ගලයන් දේශපාලන පිටියෙන් අතුගා දැමීමට ජනතාව පෙරමුණ ගතයුතු බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස