මාලක සිල්වා එජාපයෙන් කොළඹට! – සජිත් මර්වින්ට පොරොන්දු වෙයි….?

November 1, 2019 at 4:31 pm | by emanisa.lk

හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට එළඹෙන මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අවස්ථාව ලබා දෙන බවට ඇමති සජිත් ප්‍රේමදාස පොරොන්දු වී ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් මෙවැනි එකඟතාවක් ඇති බවක් එජාපය හෝ මර්වින් සිල්වා නිල වශයෙන් තහවුරු කර නොමැත.

මේ වන විට මර්වින් සිල්වා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයතහවුරු කරන ජනරැලිවලට ප්‍රධාන කථිකයකු ලෙස සහභාගී වෙයි.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ රාත්‍රී සමාජශාලාවලට පැන ගැටුම් ඇති කර ගැනීම ඇතුළු සමාජ විරෝධි කටයුතුවල නියැළුණු බවට මාලක සිල්වාට චෝදනා තිබේ.

රාජපක්ෂ පාලනය ජනතාව අතර අප්‍රසාදයට පත්වීමට මර්වින් සිල්වා මෙන්ම මාලක සිල්වා ද හේතු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

කෙසේ වුවද මර්වින් සිල්වා පවසන්නේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය පුතුට පහර දී මරා දැමීමට උත්සාහ කළ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස