මන්ත්‍රීලගේ ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් කපනවා! ඒ මුදලින් ජනතාවට උපරිම සේවාවක් කරනවා! – සජිත්

October 25, 2019 at 11:47 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පිටරටකින් වාහනයක් මිලයට ගැනීමට හිමිවන වාහන බලපත්‍රය තමා ජනාධිපති වූ පසු අහෝසි කර දමන බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. එම වාහන බලපත්‍ර අහෝසි කර එම මුදලින් ද ජනතාවට උපරිම සේවයක් කරන බව ඇමතිවරයා පවසයි.

රට ණය උගුලක සිර වී සිටින අවස්ථාවක පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 225 දෙනා වාහන බලපත්‍ර ගැනීම නුසුදුසු බවත් එහෙයින් වාහන බලපත්‍ර නතර කරන බවත් හෙතෙම අවධාරණය කරයි. කෙසේ වුවද ජනතා සේවයට උවමනා සියලු පහසුකම් මැතිඇමතිවරුන්ට ලබා දෙන බව ද ඇමතිවරයා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර දෙවිනුවර ජනරැලියකට එකතු වෙමිනි. මේ සඳහා ආචාර්ය මර්වින් සිල්වා ද එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස