පළාත් සභා රාජ්‍ය ආදායමින් 12%ක් ගිලින සුදු අලියෙක්! කාංචනලට ඕන පළාත් සභාවට රිංගලා ඇමත්කමක් ගන්න! – අශෝක්

September 6, 2020 at 5:27 am | by emanisa.lk

ඉන්දු ලංකා ගිවිසුම හරහා මෙරටට බලෙන් පටවනු ලැබූ පළාත් සභා ක‍්‍රමය හරහා රට කරවන සෑම රජයකටම නිකරුණේ විශාල ලෙස මුදල් වැය කිරීමට සිදු වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ පුවත්පතක් සමග සාකච්ඡාකට එක් වෙමිණි.

ඉන්දියාව විසින් මෙරට පළාත් සභා ක‍්‍රමය කි‍්‍රයාත්මක කළේ තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා බවත් සඳහන් කළ හෙතෙම පළාත් සභා ක‍්‍රමය ඉවත් කිරීම වෙනුවෙන් විශාල කතිකාවක් ඇති කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.
 
පළාත් සභා ක‍්‍රමය කි‍්‍රයාත්මක වීම තුළ සෑම වසරකම පඩි නඩි ගෙවීම වෙනුවෙන් මධ්‍යම රජයේ ආදායමෙන් විශාල මුදලක් වැය වන බවත් එය ආසන්න වශයෙන් රාජ්‍ය ආදායමෙන් සියයට දොළහක පමණ වූ විශාල  අගයක් බව ද අබේසිංහ කියා සිටියේය.
 

ඉන්දු ලංකා ගිවිසුම හරහා කි‍්‍රයාත්මක වූ පළාත් සභා ක‍්‍රමය එකවර නතර කළ නොහැකි වුවත් රජය ඒ පිළිබඳව ගැඹුරින් කල්පනා කළ යුතු බවත් කී ඒ අබේසිංහ විෂය භාර ඇමැති සරත් වීරසේකර පළාත් සභා නොමැතිව වසර දෙකක කාලයක් රට ගමන් කළ ආකාරය පිළිබඳව පැවසූ දේ පිළිබඳ සුබවාදීව සිතිය යුතුව ඇතැයි ද පැවසීය.

 
 කෙසේ වුවත් ආණ්ඩුවේම දෙපිරිසක් පළාත් සභා සම්බන්ධයෙන් පරස්පර අදහස් දැක්වීම කාලෝචිත නොවන බව පැවසූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ කංචන ජයරත්න වැන්නවුන්ට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ මහ ඇමැති ධුරයකට පත් වීම විය හැකි බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස