මහ ඡන්දෙන් 2/3ක ජනවරමක් ගෙන බෙදුම්වාදී පළාත් සභා අහෝසි කරන්න! ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා බලවත් කරන්න! – මිලින්ද මොරගොඩ

November 24, 2019 at 11:02 pm | by emanisa.lk

පළාත් සභා ඡන්දයට පෙර මහ මැතිවරණයක් පවත්වා ඉන් තුනෙන් දෙකක ජනවරමක් ලබා ආණ්ඩුව අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධනය සමඟ පළාත් සභා ක්‍රමයට හේතුවූ දහතුන්වන සංශෝධනය අහෝසි කිරීම වෙනුවෙන් කැපවිය යතු බව හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ පවසයි.

පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමත් සමග පහළ ඒකකය වන පළාත් පාලන ආයතනවලට බලය තවදුරටත් විමධ්‍යගත කළ හැකි අතර නගර සභා, සුළු නගර සභා සහ ප්‍රාදේශීය සභා බලගැන්වීමෙන් පොදු ජනතාවට සමීප එදිනෙදා ගැටලු හමුවේ පුළුල් සේවයක් කළ හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

ලංකාවේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් වශයෙන් 1987 වසරේදී පළාත් සභා ක්‍රමය ඇති කළේය. එය අතිශය අකාර්යක්ෂම විශාල වියදමක් දරන ව්‍යුහයක් බව සනාථ වීතිබේ.

උත්තර මන්ත්‍රී මණ්ඩලයක් වැනි ක්‍රමයකින් ජාතික ආගමික හෝ ප්‍රාදේශීය බෙදීම් සම්බන්ධ ගැටලුවලට පිළිතුරු සොයා ගත හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට බොහෝ පළාත් සභාවල නිල කාලය අවසන් වී වර්ෂ ගණනාවක් ගත වුවද රටේ කිසිදු කටයුත්තක් අතපසු වී නොමැති අතර 2017 සැප්තැම්බර් 30 නැඟෙනහිර පළාත් සභාවේ ද 2018 ඔක්තෝබර් 25 වන දා උතුරු පළාත් සභාවේ ද නිල කාලය අවසන් වුවද එම මැතිවරණ පැවැත්වීම සඳහා දෙමළ ජාතික සන්ධානය පවා කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස