පළාත් සභාවෙන් රටට වූ සේවය කුමක්ද? ජනතා බදු මුදලින් නඩත්ත කරන පළාත් ඇමතිලා රටට කළ සේවය කුමක්ද! – පැටිකිරිය අසා පළාත් සභා අහෝසි කරන්න ඇමති සූදානම්…

August 26, 2020 at 2:47 pm | by emanisa.lk

වසර 31ක පළාත් සභා කාලයේදී රටට සිදුවූ ප්‍රගතිය සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ 1989 වසරේ සිට පළාත් සභා නවයක ප්‍රධාන ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් රැසක් තනතුරු දරා ඇති බවයි. එම ඇමැතිවරුන්ගෙන් රටට සිදුවූ පරිවර්තනීය වෙනසද වාර්තාවට ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා උපදෙස් ලබාදී ඇත.

එම වාර්තාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර පළාත් සභා ක්‍රමය සංශෝධනය විය යුතුද, අහෝසි විය යුතුද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව සරත් වීරසේකර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස