පළාත් සභා සුදු අලියෙක්! අහෝසි කරන්න සහාය දෙන්න! – මෝදිගෙන් ඉල්ලයි….

November 28, 2019 at 6:52 am | by emanisa.lk

පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දියාවේ සහය ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (27) ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදීම සිදුවිය.

මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් මෙම සංදේශ භාරදීම සිදුවූ අතර එම සංදේශය මගින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දිය අගමැතිවරයාගේ සහය ලබාදෙන ලෙසට මෙම සංදේශය මගින් ඉල්ලා සිටි බවද පූජ්‍ය ජබුරේවල චන්ද්‍රරතන හිමි පැවසීය.

පළාත් සභා ක්‍රමය ඉන්දියාව බලහත්කාරයෙන් අප රට මත පැටවූ දෙයක් බවත්, එය මේ වන විට සුදු අලියෙකු බවට පත්ව තිබෙන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස