පළාත් සභා අහෝසි කරන්න කොන්දේසී විරහිතව් පක්ෂයි! – ආචාර්ය නිර්මාල්ට පළාත් සභා තිත්ත වෙයි….

August 9, 2020 at 11:41 pm | by emanisa.lk

13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ රටට හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය අහෝසි කර දැමීමට තමන් කොන්දේසි විරහිතව පක්ෂ බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

උතුරු නැගෙනහිර යම් ප්‍රශ්නයක් තිබුණ ද රටේ වැඩි කොටසකට මෙය සාපරාධී ධන නාස්තියක් නිසා පළාත් සභා අහෝසි කර දැමීම උචිත බව ඔහුගේ අදහසය.

මෙම ආණ්ඩුවට උතුර සමග කතා කර උතුරේ ප්‍රශ්නයට විසඳුමක් සපයා ගත යුතු බව ද ආචාර්ය නිර්මාල් වැඩි දුරටත් පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි බොහෝ කලක සිට බලය බෙදීම, ෆෙඩරල්කරණය සහ උතුරේ ස්වයං නිර්ණන අයිතිය වෙනුවෙන් පෙනී සිටියෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස