නිල රථයට තෙල් ගහන්න නම් හොරකම් කරන්න වෙනවා! රේගු අධ්‍යක්ෂ සුපිරි නිල රථය එපා කියයි..

March 5, 2020 at 10:22 am | by emanisa.lk

රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පසුගිය දා වැඩ බාර ගත් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය සිය නිල රථය ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, තමාට හිමි රජයේ වාහනයේ තෙල් ප්‍රමාණය පවා ප්‍රමාණවත් නොවන බවයි.

මේ වන විට එම වාහනයට ලීටර 170 ක් ලබා දෙන බවත් රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා එය ප්‍රමාණවත් නොමැති බවද හෙතෙම පවසයි.

තමාට ලබා දී ඇති වාහනය බාර ගන්නේ නම් එයට ප්‍රමාණවත් ලෙස තෙල් ගැසීමට හොරකම් කිරීමට හෝ ගෙදරින් රැගෙන ඒමට සිදුවන බවත් පවසන ඒ මහතා තමා යුද හමුදාවේ සේවය කළ අයෙක් බැවින් එවැනි කටයුත්තක් කිසිසේත්ම සිදු කළ නොහැකි බවත් සඳහන් කරයි.

තමා රේගු දෙපාර්තමේන්තුවට සේවය කිරීමට පැමිණ මෙවැනි කටයුත්තක් කළ නොහැකි බැවින් තම නිල රථය ප්‍රතික්ෂේප කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වන විට විජිත රවිප්‍රිය සිය සුඛෝපභෝගී නිල රථය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව සාමාන්‍ය රථයක් ලබා දී ඇති බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස