නිරෝධායන නීති තව දුරටත් අනිවාර්යයි! මුව ආවරණ නොපළඳින අය දින 14ක නිරෝධායනයට!

June 27, 2020 at 2:11 pm | by emanisa.lk

මුව ආවරණ නොපළඳින පුද්ගලයන්ට දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

කොරෝනා වසංගතයේ අවදානම පහව යන තෙක් එය පාලනය කර ගැනීමට ජනතාවගේ සහය දිගටම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

මාස 3ක පමණ කාලයක් පවත්වා ගෙන ආ අත් සේදීම දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

මෙම කරුණුවලට පටහැනිව කිසියම් අයෙක් කටයුතු කරන්නේ නම් එය නිරෝධායන නීතිවලට පටහැනිවීමක් ලෙස සලකා නීතිමය පියවර ගන්නා බව අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝ⁣ජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මුව ආවරණ නොපළඳින අය දින 14ක් ස්වයං නිරෝධායනයට යොමු කරවන බවත් හෙට සිට මුව ආවරණ නොපැළඳිිිින පුද්ගලයන් සොයා  මෙහෙයුම් ආරම්භ කරන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස