පෞද්ගලික වාහනවල යද්දී මුව ආවරණ පැළඳිය යුතු නෑ! – සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය කියයි…

June 2, 2020 at 11:03 am | by emanisa.lk

යම් පුද්ගලයෙකු පෞද්ගලික වාහනයක් පදවන විට මුව ආවරණයක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පොලිසිය පැහැදිලි කරයි.

කොරොන වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රිය පැදවීමේදී බොහෝ වාහන රියදුරන් මුව ආවරණ පැළඳ සිටිනු දැක තිබේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පාලිහවඩන කියා සිටියේ මහජනයාට ඔවුන්ගේ පෞද්ගලික වාහනවල මුව ආවරණ පැළඳීමට උපදෙස් ලබා දී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ මුව ආවරණ පැළඳීම ගැන නව උපදෙස් පිළිබඳ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කර ඇති බවය.

කෙසේ වෙතත්, කැබ් රථ, ත්‍රිරෝද රථ, කුලී රථ වැනි කුලී රථවල ගමන් කිරීමේදී මහජනයා මුව ආවරණ පැළඳිය යුතු බව අජිත් රෝහණ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස