මහින්ද සුළඟ අමු අමුවේ කොපි කරයි! සජිත් සුළඟ රට පුරා හමන්න ළඟයි!

November 23, 2019 at 5:22 pm | by emanisa.lk

සජිත් පාර්ශවය විසින් රට පුරා දිස්ත්‍රික් මට්ටමින් ජනරැලි මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරණ පරාජයට පසු කොළඹ වොක්ෂෝල් වීදියේ කාර්යාලයේ පැවති පාක්ෂික හමුවේ දී ජනතාව සජිත් ඉදිරියේ හඬා වැළපීම දුටු එම පාර්ශවය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22ම ආවරණය වන ආකාරයට පාක්ෂික හමු මාලාවක් පැවැත්වීමට තීන්දු කර තිබේ

ඒ සඳහා පාක්ෂිකයන්ට ආරාධනා කර ඔවුන් සජිත් ඉදරියේ හඬ වැටෙන ආකාරය සිරස ඇතුළු මහරාජා නාළිකා ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබා දීමට නියමිතය.

එමගින් නැවත මහා මැතිවරණය අවස්ථාවේ සජිත් වටා රැල්ලක් නිර්මාණය කර විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සැලසුම වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස