නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දීම හම්බන්තොට වරාය බදු දීමට වඩා භයානකයි…! – සමගි ජන බලවේගය..

January 16, 2021 at 7:36 am | by emanisa.lk

නැඟෙනහිර ජැටියේ කොටස්වලින් 49%ක් ඉන්දියානු අදානි සමාගමට ලබා දීම යනු එය සදාකාලිකව ඉන්දියාවට ලබා දීමක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ජනාධිපති සහ ඒ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ජනාධිපති තහවුරු කරනවා මේක විකුණන්නේත් නෑ, බදු දෙන්නේත් නෑ, හැබැයි මේක සංවර්ධනය කරනවා කියලා. එහි දී සියයට 51 ක් ශී‍්‍ර ලංකාවට බවත් අනෙක් සියයට 49 ඉන්දියාවට බවත් කියලා තියනවා. මේ කාවද රවට්ටන්න යන්නේ. බදු දුන්නොත් යළි රටට අයිති වෙනවා.

නමුත් මෙහෙම සියයට ප‍්‍රතිශතයක් දෙනවා කියන්නේ භාගයක් විකුණනවා කියන එකයි. ඒක සදාකාලිකවමයි. එතැනදී සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව රවට්ටා තිබෙනවා. මේක තනිකර බොරුවක් කරන්නේ. සංවර්ධනය කරනවා කියලා භාගයක් විකුණන්නයි හදන්නේ. සියයට 49ක් දුන්නහම අපිට කවදාවත් ලැබෙන්නේ නෑ. සදාකාලිකවම ඉන්දියාවේ අදානි සමාගමට අයිති වෙනවා.

මේ ආණ්ඩුව එදා බලයට එන විට කිව්වේ රජයේ සම්පත් විකුණන්නේ නෑ කියලා. දැන් ඒ අයම තමයි මේ වගේ තීන්දුවක් අරගෙන තිබෙන්නේ. අපි කියන්න ඕනෑ මේකට පසුගිය ආණ්ඩුවට බෝලේ පාස් කරන්න එපා කියලා. මොකද මේ අය කිව්වේ පහුගිය ආණ්ඩුව විකුණපුවාත් ගන්නවා කියලායි. අපේ කාලයේ හම්බන්තොට වරාය ගත්තොත් අනූනව අවුරුදු බද්දකට ලබා දුන්නා. එය අවුරුදු 99ක් හරි ගිහින් අපිට ලැබෙනවා.

නමුත් මෙතනදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අපිට අයිතිවෙන්නේම නෑ. මේ අය ආවොත් සින්නක්කරම තමයි දෙන්නේ. අපිට මතකයි ෂැංගි‍්‍රලා හෝටලයට ඉඩම දුන්නා සින්නක්කරේටම. මේ අය කිව්වා එදා හම්බන්තොට වරායේ ගිවිසුමත් අහෝසි කරනවා කියලා. එහෙම කියපු අය තමයි අද මෙහෙම කරන්නේ.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස