මරාගෙන කන්න හදන රන් බිජුලන කිකිළියගේ පැටිකිරිය මෙන්න…! නැඟෙනහිර ජැටිය හදලා මාස දෙකයි….! නැව් 28කින් රටට ලද ආදායම කෝටි 32යි….!

January 10, 2021 at 11:05 am | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) ස්ථාපිත කර වැඩ ආරම්භ කර ගෙවුණු මාස දෙක තුළ පමණක් එහි බහලුම් ගොඩ බෑම හා පැටවීමෙන් රුපියල් කෝටි තිස් දෙකක (32) ලාභයක් වරාය අධිකාරියට ලැබී ඇත.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 දින නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතුද ආරම්භ කළ අතර මෙතෙක් නැව් 28ක මෙහෙයුම් කටයුතු සිදු කර ඇත.

ඊට අමතරව වරායට පිවිසුම් ගාස්තු, ටග් යාත්‍රා ගාස්තු, නැවේ බර අනුව අය කරන ගාස්තු ආදි අයකිරීම්වලින්ද විශාල මුදලක් උපයා තිබේ.

එම ජැටිය ඉදිකිරීමෙන් පසුව ජපානය හා ඉන්දියානු සමාගම් දෙකකට පැවරීමට අදාළ මූලික එකඟතාවක් පසුගිය රජය සමයේ දී තිබී ඇති අතර ඊට වෘත්තීය සමිති දැඩි විරෝධයක් එල්ල වීය.

එහෙත් පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවසුවේ එවැනි කිසිදු තීරණයක් වත්මන් රජය ගෙන නොමැති බවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *