නැඟෙනහිර ජැටිය කිසිම විදේශිකයෙකුට දෙන්න රජය තීන්දු කර නෑ! – අගමැති මහින්ද…

January 6, 2021 at 12:39 pm | by emanisa.lk

පසුගිය යහපාලන ආණ්ඩුව කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සම්බන්ධ ගිවිසුම්වලට එළඹ ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

මේ සඳහා වරාය හා නාවික අමාත්‍යංශය සම්බන්ධ කර නොගෙන ඇති අතර සංවර්ධන උපයාමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශ ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සහ ජපාන රජය එකඟත්වයෙන් ගිවිසුමක් ඇති කරගෙන ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළේ ය.

කෙසේ වුවද කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ ඉන් කොටසක් හෝ විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බව ද අගමැතිවරයා අවධාරණය කළේ ය.

අද (06) පාර්ලිමේන්තුවේ දී ජවිපෙ නායක අනුර දිසානායක නැඟූ පැනයකට පිළිතුරු දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *