ජනපති සාකච්ඡා අසාර්ථකයි..! නැඟෙනහිර ජැටිය 100%ක් අප සතු විය යුතුයි…! වරාය වෘත්තිය සමිති මහා අරගලයකට සූදානම්…!

January 14, 2021 at 8:58 am | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඊට සහභාගී වූ වරාය වෘත්තිය සමිති නියෝජිතයෝ සඳහන් කරති.

51%ක් වරාය අධිකාරියටත් 49% පුද්ගලික අංශයටත් එහි අයිතිය දිය යුතු බව ජනාධිපතිගේ අදහස වූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ පැවසීය.

නමුත් තම ස්ථාවර වන්නේ පර්යන්තයේ 100%ක් ලංකාව සතු විය යුතු බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය දශමයක් හෝ පසුපසට ගැනීමට සූදානම් නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස