යහපාලන ආණ්ඩුව ඉන්දියාව එක්ක එකතුවෙලා දියුණු කරන්න හැදූ නැඟෙනහිර ජැටිය මේ ආණ්ඩුව විකුණන්න හදනවා….! – ටිල්වින්….

January 7, 2021 at 8:18 pm | by emanisa.lk

අපේ රට නාවික ගමනාගමනයේ ඉතා ම වැදගත් ස්ථානයක පිහිටා ඇති බවත් රට දියුණු කිරීමට නම් වෙළඳාම එහි ලොකු පංගුවක් වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ලංකාව සතු විශාල නැව්වලට පැමිණිය හැකි එක ම පර්යන්තය නැඟෙනහිර ජැටිය බවත් වරාය නොවිකුණා ආයෝජන කැන්දන මුවාවෙන් වරාය විකිණීමට ආණ්ඩුව සැරසෙන බවට ඔහු චෝදනා කරයි.

එසේ ම තවත් අතකින් මෙම ක්‍රියාවලිය කලින් ආණ්ඩුව ආරම්භ කළ නිසා එය නතර කළ නොහැකි බව පවසමින් වරායේ කොටස් 49%ක් සහ පරිපාලනය විකුණා දැමීමට සැලසුම් කරන්නේ යැයි ටිල්වින් සිල්වා හෙළි කරයි.

කලින් ආණ්ඩුව සමයේ සැලසුම් කළේ ලංකාවේ වරාය අධිකාරිය සහ ඉන්දියාව එකතු වී සමාගමක් තනා ජපානයෙන් ණයක් ගෙන නැඟෙනහිර ජැටිය සංවර්ධනයට බව ද ඔහු පවසයි.

එහෙත් මේ ආණ්ඩුව හදන්නේ එවැනි සමාගමක් නැතිව ජැටියේ කොටස් 49%ක් සහ පරිපාලනය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දී වරාය අධිකාරිය සතු අයිතිය අහිමි කරගැනීමට බවත් වැඩි දුරටත් අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස