දෙවනගල රකින සටන මුදලට විකිණුනු මන්ත්‍රී පාව දෙයි…! ආණ්ඩුකරු මන්ත්‍රීගේ කොලරයෙන් අල්ලා තර්ජනය කරයි…! පොහොට්ටුවෙන් පන්නා දමන බව කියයි…!

December 25, 2020 at 12:02 am | by emanisa.lk

මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජමහ විහාරයේ ප්‍රේරණ කලාපය මැනුම් කටයුතු සම්බන්ධයෙන් අද 24 පෙරවරුවේ ඉඩම් හිමියන් දැනුවත් කිරිම සඳහා අරණායක ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රැස්විමක් සංවිධානය කර තිබු අතර රැස්විම අතරතුර ඇති වු උණුසුම් තත්වය පාලනය කිරිමට නොහැකි විම නිසා රැස්විම නැවැත්විමට සබරගමු පළාත් ආණ්ඩුකාරතුමා තීරණය කර එතුමා විසින්ම සභාවට ඒ බව දැනුම් දිමත් සමග පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරිමට එහි සිටි පොලිස් නිලධාරින් කටයුතු කරන ලදි.

ඒ අනුව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොම්බෑකඩුව මහතා සභාව වෙත දැනුම් දෙන ලද්දේ සති දෙකක් ඇතුලත කමිටුවක් මාර්ගයෙන් අදාල ප‍්‍රශ්නය විසදිමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

මෙම රැස්විම සංවිධානය කර තිබුණේ දැනට වසර ගණනාවක් තිස්සේ ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ ඇති වි තිබෙන පුරාවස්තු විනාශය සහ පුරාවිද්‍යාත්මක සහිත ඉඩම් අක‍්‍රමණය කරමින් සිදු වන පූජා භූමියේ ඓතිහාසිකත්වය ආරක්ෂා කිරිම වෙනුවෙනි.

ඒ අනුව ගැටලූව නිරාකරණය කිරිම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පූජා භූමියට අයිති 2004 ජුනි 04 දිනැති අංක 1344 දරන ගැසට් නිවේදනය හා 2005 මැයි 20 දිනැති අංක 1394 දරන ගැසට් නිවේදනයන්ට අනුව මෙම ස්ථානයේ යාර 400 පේ‍්‍රරණ කලාපය සලකුණු කිරිම දෙවනගල ගල් පර්වතය පාමුල පුරාවිද්‍යා මායිම් කණු සිටුවා ඇති ස්ථානයේ සිට ආරම්භ කිරිම සඳහා ජනතාව දැනුවත් කිරිමට රැස්විම සංවිධානය කර තිබුණි. ඒ සඳහා එම පේ‍්‍රරණ කලාපයේ ජනතාව 200 කට වැඩි පිරිසක් එහි කැඳවා රටේ පවතින නිරෝධායන නීති අනුව රැස්විම සංවිධානය කරන ලදි.

ඒ අනුව රැස්විම ආරම්භ කරමින් ජනතාව දැනුවත් කරමින් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොම්බෑකඩුව, බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාර්යප්පෙරුම, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් සහ කෑගලූ දිස්ත‍්‍රීක් ලේකම් මහින්ද එස් වීරසූරිය ඇතුළු නිලධාරින් කිහිප දෙනෙක්ම මෙම මැනුම් කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර අතර එහිදි මෙම රජයේ නිලධාරින් පෙන්වා දෙන ලද්දේ මෙම මැනුමවලින් දැනට එහි ජිවත් වන කිසිදු ජාතික පුද්ගලයෙකුට ඒ මගින් අසාධාරණයක් නොවන බවයි. එම කතා සියල්ල සවදානව ජනතාව අසා සිටි අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද මෙම මැනුම් කටයුතු සිදු වන අන්දමත් මැනුම් කටයුතු වලින් පසුව ඉදිරියේදි ක‍්‍රියාත්මක වන නිතීමය තත්වයත් ගැන පැහැදිලි කිරිමෙන් පසුව පැමිණි සිටි පිරිසෙන් සිව් දෙනෙකුට අදහස් පල කිරිමට අවස්ථාව ලබා දෙන ලදි.

මුලින්ම මෙම මැනුමට රජය මැදිහත් වි ජනතාවගේ අදහස් උදහස් ලබා ගෙන සියලූ දෙනාගේ සාමය පවත්වා ගනිමින් මෙම මැනුම් කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් මෙම මැනිම්වලදි ප්‍රේරණ කලාපයේ තම නිවස පිහිටා ඇති හිටපු ප‍්‍රාදේශිය ලේකම්වරයෙක් සහ ගම්වැසියෙක් වන ඩබ්ලිව්.ඒ. විමලසිරි මහතා කතා කිරිමෙන් අනතුරුව සභාව හමුවේ අදහස් ප‍්‍රකාශ කලේ මෙතෙක් දෙවනගල පුදබිම ආරක්ෂා කර ගත යුතුයි යනුවෙන් වසර ගණනාවක් තිස්සේ තම හඩ අවදි කරමින් ඒ වෙනුවෙන් තම දායකයන් මෙහෙයවු දෙවනගල විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් ගාමිණි සිරිමාන්න මහතායි.

එතුමා මෙම මැනිමට විරුද්ධතාවය පල කරමින් සිදු කරන ලද කතාව ගැන එහි සිටි බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වු අතර ඔහුගේ එම අදහස් පල කරද්දි ඊට සහයෝගය පල කරමින් මෙම මැනිමට විරුද්ධ පිරිස විසින් අත්පොලසන් දෙමින් සභාව ක‍්‍රමයෙන් ඝෝෂාකාරි තත්වයට පත් කිරිම ආරම්භ විය.

ඉන් පසුව සභාව හමුවේ කතා කරන ලද්දේ දැනට අරණායක ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු වන මෙම පේ‍්‍රරණ කලාපයේ ඉඩම් හිමියෙක් වන අජන්ත දිසානායක මහතායි. ඔහු තම අදහස් පල කරමින් මෙම මැනිමට එරෙහිව කටයුතු කිරිම ගැන අදහස් පල කිරීම හේතුවෙන් සභාවේ සිටි මෙම මැනිමට විරුද්ධ ඉඩම් හිමියන්ගෙන් කිහිප දෙනෙක් සහ මෙම මැනුම් වලින් තම ඉඩම් රැසක්ම පූජා භූමියේ අත්පත් කරගෙන සිටින මුස්ලිම් ජාතිකයන් පිරිසක් තම අසුන් වලින් නැගිට නිරෝධායන නිතීන් පවා උල්ලංඝණය කොට එහි හැසිරිම නිසා සභාව උණුසුම් විය. පිරිසක් හූ හඩ දෙමින් තවත් විටක ඝෝෂා කරමින් හැසිරෙන්නට විය. ඔහු විසින් මිට වසර ගණනාවකට පෙර මෙම ඉඩම් සම්බන්ධයෙන් සහ දෙවනගල පුදබිම සම්බන්ධයෙන් ලියකිවිල්ලක සත්‍ය සටහන් වි ඇති බව පවසා එය සභාවේ සිටි ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරින්ට භාර දිමත් සමග සභාව ඝෝෂාකාරි වි පිරිස පාලනය කර ගැනිමට නොහැකි විය. පිරිසක් අසුන් වලින් නැගිට රජයේ නිලධාරින්ට විවිධ දේ පවසන්නට විය.

එම හැසිරිම හරහා නැවතත් දෙවනගල පුදබිමේ මැනිම සිදු කිරිම වලක්වා ගැනිමට ගන්නා උත්සාහය ගැන මතයක් නිර්මාණය කිරිමට පිරිසක් වෑයම් කරන බව තේරුම් ගත් දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් තම අසුනෙන් නැගිට පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී අජන්ත දිසානායක මන්ත‍්‍රීවරයාගේ අදහස් පල කිරිම හෙළා දකිමින් කතා කොට මෙම මැනිමට පේ‍්‍රරණ කලාපයේ ජනතාව වැඩි පිරිසක් කැමැති බව ප‍්‍රකාශ කරන ලිපියක්ද ආණ්ඩුකාරවරයාට භාර දිම සිදු විය. එම ලිපිය භාර දිමත් සමග පිරිසක් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ට බැන වැදි නොයෙකුත් දේ පවසන්නට වු අතර ඔවුන් ඒ සියලූ දේවල් සැලසුම් සහගත ලෙස කරන ලද්දේ මෙම මැනිම කෙසේ හෝ වලක්වා ගැනිමටයි. ඉන් අනතුරුව සභාවේ ජනතාව පාලනය කිරිමට පොලිසියේ නිලධාරින්ට සහ භාරකාර ස්වාමින් වහන්සේගේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායට මැදිහත් විමටද සිදු විය. එහිදි හිමියන් දිගෙන් දිගටම පෙන්වා දෙන ලද්දේ තම දායකයන් බොහෝ දෙනෙකුට මෙම සාකජ්ජාවට පැමිණීමට අවස්ථාව ලබා නොදි කටයුතු කිරිම තමන් හෙළා දකින බවයි ඒ මගින් මේ උත්සාහ කරන්නේ එක් මතයක් පමණක් සමාජ ගත කිරිම පමණක් වන බවද කිය.

පැවැති නොසන්සුන්කාරිත්වය තේරුම් ගත් ආණ්ඩුකාරතුමා විසින් සභාව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් මෙසේ පැවසිය.

මම අපේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීතුමා වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටිනවා. මහජන නියෝජිතයින් හැටියට අපේ පක්ෂයේ නිර්මාර්තෘ වන බැසිල් රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහජන නියෝජිතයෙක් මේ වාගේ හැසිරිම සම්බන්ධයෙන් එක වැරදියි මීට වඩා හොඳ විනයක් තියෙන්න ඔනෑ. මහජන නියෝජිතයින්ට විනයක් නැතිනම් තමන්ගේ ජනතාවට සේවය කරන්නේ කොහොමද ? එම නිසා මිත‍්‍රවරුනි මම සමාව ඉල්ලා සිටිනවා. මේ කටයුත්තෙදි සම්පුර්ණයෙන් විකෘර්ති කිරිම පිළිබඳව මේ සභාවේ ඉතාම වැදගත් වටිනා අදහස් ඉදිරිපත් වුනා අපිට ඒ ගැන කතා සාකජ්ජා කිරිමට නොහැකි විම ගැනත් අපි කණගාටුවට පත් වෙනවා.

අපි මේ රැස්විම කැදෙව්වේ තිබෙන ගැටළුව තව තවත් ඉදිරියට ගෙන යෑමට නොවෙයි. මේ තිබෙන ප‍්‍රශ්න නිරාකරණය කොට සියලූ දෙනා සමගියෙන් සාමකාමීව මේ ප‍්‍රදේශයේ ජිවත් විම සඳහායි. එක එක්කෙනාට චෝදනා කරමින් යෑම තුලින් මේ ගැටළුව විසදා ගැනිමට නොහැකි වෙනවා.

විශේෂයෙන්ම මා ඉල්ලා සිටිනවා. ඔබලා සියලූ දෙනාම මේ සම්බන්ධයෙන් වගකිමෙන් කටයුතු කරලා. පසුගිය වකවානුවේ සිදු වු සියල්ලම අමතක කරලා දාලා නව ගමනක් යෑම සඳහා කටයුතු කරන්නටයි කියලා. මෙතනදි එක හොඳ යෝජනාවක් එකතුවුනා මේ සඳහා කොමිටුවක් පත් කරලා මේ ගැටළුව විසදමු කියලා.

අපි අද රැස්විම නවත්වා මේ ගැටලූව විසදිමට කමිටුවක් පත් කරලා සති දෙකක කාලයකින් මේ ගැටලූවට විසදිමට බලාපොරොත්තු වෙනවා. කමිටුව වෙනුවෙන් අද අදහස් ඉදිරිපත් කර මහත්වරුන් දෙදෙනෙක් ඒ වාගේම මුස්ලිම් සහෝදරයන් කිහිප දෙනෙක් සහ ඒ වාගේම පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමා, මිනුම් අධිකාරිතුමා, දිසාපතිතුමා සහ ප‍්‍රදේශිය ලේකම්තුමා පත් කොට සති දෙකක් ඇතුලත මේ කටයුත්ත නිම කිරිමට සුදානම් කරන ලෙස සභාවට දන්වා සිටින බවද පැවසිය.

දෙවනගල විහාරස්ථානයේ භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්.

මම මේ රකින්නේ උරුමයක්. මම මේක දැන් ඈතාරියොත් අපිට දෙවනගල උරුමය නැති වෙනවා. එකේ පාඩුව මේ රටටයි. අපි කවදාවත් ජාතිවාදයක් අවුස්සන්න හොඳ නැහැ. අපේ අරමුණක් ඉටු කරගන්නේ නැතිව අපි බොරුවට කලබල විය යුත්තේ නැහැ. දැන් අවුරුදු තුන හමාරක් මේ අම්මලා දුන්න දානේ ටිකට අපි සාධාරණය ඉටු කරමින් සිටිනවා. මේක මල්වතු මහා විහාරයට අයිති ස්ථානයක් එක කිසි ගැටළුවක් නැහැ මේ මැනිම කරා කියලා මේ අම්මලා තාත්තලාට ගැටලූවක් ඇති වෙන්නෙත් නැහැ අපේ ගම්වල සියට අසුපහක අත්සන් ලේඛනය ආණ්ඩුකාර ටිකිරි කොම්බෑකඩුව මහතාට අපි ලබා දුන්නා.

ජනාධිපතිතුමාගේ නියෝගයට අපි හිස නමා තිබෙනවා. ඔයාලා කෑ ගැසුවේ නැහැ හූ කිවේ නැහැ ඔයාලා හොඳ බණ අසන සිරිත් දන්න ගුණ ධර්ම දන්න හොඳ ලේ තිබෙන අම්මලා තාත්තලා. අපි මේ කොල්ලන්ට කියනවා අපි තරුණ වුනාට අපි කාටවත් හූ කියන්න හොඳ නැහැ. කාටවත් ගරහන්න හොද නැහැ. අපට මෙහි විසදා ගැනිමට තිබෙන ගැටලූව විසදා ගැනිමට නොහැකි වුනොත් ආණ්ඩුව සහයෝගය නොදුන්නොත් මාගේ මහ ඔප්පුව අරන් මම යනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ?

අපේ උරුමය පවා දෙන්නේ නැහැ. අපිට වාහන දෙන්න ආවා කබිර්ලා, තාහිර්ලා අපිට සල්ලි දෙන්න හැදුවා අපි ඒවා ගත්තේ නැහැ. හැබැයි අජන්ත දිසානායකලා සල්ලි ගත්තා. අද අපේ අම්මලා තාත්තලාට කතා කරන්න නොදි අද ඒ අය සංවිධානාත්මක ඇවිත් වැඩ කලා.

මේ අය ලෝකයට පෙන්වා දෙන්න හදනවා ජිනීවා වලට ඉදිරි පළාත් සභාවට මේ පෙන්වන්න හදන්නේ මොකද්ද ? පළාත් සභාවට පොහොට්ටුවට ජන්දය නැහැ. හැට නව ලක්ෂය දැන් විරුද්ධ වේලා ඔය උගුලට හසුවෙන්න එපා. ඒ හැට නව ලක්ෂයක ජන්ද සහ ඒ උරුමය අපට දිනා දුන් ජනාධිපතිවරයාගේ චරිත ඝාතනය කරන්නේ කවුද ? අජන්ත දිසානායක වාගේ පාපතර මිනිසුන්. අවුරුදු 10 ක් 15 අපේ දෙවනගල විනාශ කරන්න සල්ලි ගත්තා. අලූත්නුවර දේවාලයේ සල්ලි හූරා කනවා වාගේම අදත් මොනවාද කලේ අපි හොඳ ලේ තියන මිනිස්සු අපි සල්ලි වලට යට වුනේ නැහැ. මේ අම්මලා තාත්තාට සල්ලි දෙන්න කතා කරනවා ඒ කඳවුරට කතා කරනවා. අම්මලා ගියේ නැහැ. මුස්ලිම් දායක සභාවේ කවුරුවත් කතා කලේ නැහැ. ඒ ඇත්තෝ අපිත් එක්ක එලියේ ඉන්නවා. අද අන්තවාදි මුස්ලිම් අක‍්‍රමිකයන් අපි සිහල කළු සුද්දොත් එක්ක එකතුව සංවිධාන වුනා. මේ රැස්විම කඩා කප්පල් කරන්න පසුගිය දින පුරාවට අතන මෙතන රැස්විම් තබමින් ? තිස්සේ සංවිධාන කරමින් මුදල් දෙමින් මේ උරුමය නැති කිරිමට මේ මැනුව නැවැත්විමට කටයුතු සිදු කලා.

අපිට තියෙන්නේ දෙවනගල උරුමය සහ පුරාවස්තු රැකිම පමණයි. අපි මේ ගැටලූව රටට කියු මාධ්‍ය ආයතන වලට ස්තුතිය පුද කරනවා සමහර මාධ්‍ය මේ ගැටළු රටට කියන්න පැකිලෙනවා. අද සමහර මාධ්‍ය වල මේ ගැන කියාවි වෙන පැත්තක් යැයිද පැවසිය.

කෙසේ වෙතත් අද දිනයේ මේ උණුසුම් තත්වය ඇති විමට තුඩු දුන් අරණායක ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රී අජන්ත දිසානායක මහතා පසුගිය දිනක අරණායක ප‍්‍රාදේශිය සභාවේ පැවැති සභාවාරයකදි දෙවනගල පුදබිම සම්බන්ධයෙන් මාධ්‍ය සිදු කරගෙන යන කටයුත්ත අගය කරමින් එම ගැටළුව නිරාකරණයට ගන්නා උත්සාහය ගැන පැසසුමට ලත් කරමින් කතාවක්ද කරන්නට විය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස